Gossips

සමතුලිත ආර්ථිකයකින් උතුරේ ජනතාවගේ ගැටළුවලට විසඳුම්

සමතුලිත ආර්ථිකයක් බිහි කිරීමෙන් උතුරේ ජනතාවගේ ගැටලූවලට විසදුම් ලබාදිය හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
මාතර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් අනතුරුව සිදුකළ සැමදෙනාටම ආර්ථික නිදහස ලබාදීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කිරීමෙන් උතුරේ දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුම් ලබාදිය හැකි බවයි.