Gossips

සමඟියෙන් කටයුතු කරන්නැයි ආගමික නායකයන් ජනතාවගෙන් ඉල්ලයි

මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක කළහකාරී සිදුවීම් ඇතිවීමත් සමග සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගන්නා ලෙස මහා සංඝ රත්නය ජනතාව වෙතින් ඉල්ලීමක් කළා.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට අද පැමිණියා.
පවතින වාතාවරණයත් සමඟ සාමකාමීව කටයුතු කරන ලෙසයි මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්, අමරපුර මහ නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.