Gossips

සභා ගර්භයේ ගැටුම ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ ඇතිවු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදි සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකල විමසිමකදී ප්‍රකාශ කළේ විමර්ශණ වාර්තාව නිතීපතිවරයා වෙත යොමු කිරිමෙන් පසු පාර්ලිමේන්තුවට, අදාල යෝජනාව මෝසමක් ලෙස ඉදිරිපත් කිරිමට නිියමිත බවයිි.
පසුගිය නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවලදි පාර්ලිමේන්තුවේ ඇතිවු නොසන්සුන්කාරි සිද්ධින් පිළිබද විමර්ශණය කිරිමට කථානායක කරු ජයසුරිය විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්තීී‍්‍රන්ගෙන් සමන්විත වුණා.
එම කමිටුව මාසයකට අධික කාලයක් විඩියෝ දර්ශණ සහ සාක්ෂි උපයෝගි කරගනිමින් පරික්ෂණයක් සිදු කළ අතර එහි වාර්තාව මේ වන විට සකස් කර අවසන් කර තිබෙනවා.
ඒ අනුව දැනට විදෙස් ගතව සිටින කථානායක කරූ ජයසූරිය යළි දිවයිනට පැමිණිමෙන් පසු අදාල වාර්තාව ඔහුට භාරදීමටයි නියමිතව ඇත්තේ.
පසුව කමිටු වාර්තා කථානායකවරයා විසින් නිතීපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, එහිදි ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නඩු පැවරීමක් කළහැකි දැයි කථානායකවරයා නිතීපතිවරයාගෙන් කරුණු විමසනු ඇති.
යම් හෙයකින් නිතීපතිවරයා නඩු පැවරිය හැකි බවට මතයක් ඉදිරිපත් කළහොත් ඒ පිළිබද යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබෙනවා.
නඩු පැවරිමේ කටයුතු සිදුවන්නේ එම යෝජනාව සම්මතවීමෙන් පසුව බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර මෙම ගැටුමෙන් පාර්ලිමේන්තුවේ උපකරණවලට සිදු වු හානිය ඇතුළත් තක්සේරු දෙපාර්තමේන්තුවේ වාර්තාව ද මේ වන විට විමර්ශණ සිදුකරන කමිටුව වෙත ලැබි තිබෙනවා.
තක්සේරු දෙපාර්තමේන්තුව මීට පෙර ද හානි ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළ නමුත් එය, නියෝජ්‍ය කථානායකගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ප්‍රතික්ෂෙප කරනු ලැබුවේ හානි ගණනය කිරිම් එකිනෙකට පරස්පර බව පවසමින්.