Gossips

සභානායක ධුරය මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට

සභානායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට ලබාදීමට තීරණය කර තිබෙනවා.
අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී රජයේ ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා තවත් දින කිහිපයකින් නම් කරන බව ද මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.