පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස නම් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ සභානායක කාර්යාලයේදී පෙරවරුවේ මොහු සිය රාජකාරි ආරම්භ කළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ඇතුලූ පිරිසක් එක්ව සිටියා.
එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ එස්.වියාලේන්ද්‍රන් සහ අශෝක ප්‍රියන්ත ද අද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
