එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අතර සාකච්ඡාවට භාජනය වී ඇති සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේදී හෙට (09) රාත්‍රියේ පැවැත්වෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාවට සහභාගිවන ලෙස මන්ත්‍රීවරුන්ට මීට දින කිහිපයකට පෙර දන්වා ඇති බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
