Gossips

සබරගමුව සරසවි සිසුන් 3 දෙනෙකු දියේ ගිලී මරුට

බලංගොඩ – බෙලිහුල්ඔය – පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය සරසවි සිසුන් 3 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ අධ්‍යාපනය ලබන 24 සහ 25 හැවිරිදි වියේ පසුවන සිසුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අද පෙරවරුවේ තවත් සිසුන් පිරිසක් සමඟ දිය නෑම සඳහා පැමිණ තිබෙනවා.
මිය ගිය සරසවි සිසුන් තුන්දෙනාගේ මෘත ශරීර මේ වනවිට බලංගොඩ රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.