සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විද්‍යාගාරයක සිදුවූ පිපිරීමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද පස්වරු 4 ට පමණ පිපිරීම සිදුව ඇති අතර තුවාල ලැබු සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කෙරුනා.
පොලිසිය සැක පළ කරන්නේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවටයි.
තුවාල ලබා ඇත්තේ අවුරුදු 21 ක් සහ 23 ක් වයසැති සිසුන් දෙදෙනෙක්.
