සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව කුරුවිට – බටුහේනේ ස්ථාපිත කළ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම සඳහා දේශපාලනඥයින් සම්බන්ධ කරගැනීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල සිසුන් අද උද්ඝෝෂනයක නිරතවුණා.
සබරගමුව විශ්වවිද්‍යාලය ඉදිරිපිට එම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ එහි මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන්.
අදාළ වෛද්‍ය පීඨය හෙට උදෑසන විවෘත කිරීමට නියමිතව තිබෙනවා.