Gossips

සබරගමුව මහ සමන් දේවාලය අවදානමක

කළු ගඟේ සිදුකෙරෙන නීතිවිරෝධී මැණික් ගැරීම් හේතුවෙන් ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලය අනතුරට ලක්වෙමින් පවතින බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙම දේවාලය කේන්ද්‍ර කර ගනිමින් කළු ගඟේ මීටර් 400 ක් වටා කිසිදු ඉදිකිරීමක් හෝ පතල් කැණීමක් සිදුකළ නොහැකි බවටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ.
එහෙත්, එම නියෝග නොතකා දිගින් දිගටම සිදුකරන නීතිවිරෝධී මැණික් ගැරීම් නිසා කළු ගඟේ ඉවුරු ඛාදනය වීම හරහා සබරගමුව මහා සමන් දේවාලයට අනතුරක් සිදුවීමේ අවදානමක් මතුව ඇති බව දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර බණ්ඩාර අනාවරණ කළා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ ගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවයි.