පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත් ශ්‍රීලනිප ඇමතිවරුන් 16 දෙනාගෙන් එක් අයෙකු වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න අමුතු අඩව්වක් අල්ලන බවට Lankaenews වෙත වාර්තා වේ.
සබරගමු පළාතේ මහ ඇමති පුටුවට තරග කිරීම සඳහා මේ දිනවල ඔහු ලහි ලහියේ සූදානම් වන බවත්, දැනට පළාත් සභාවේ සිටින ඔහුගේ බෑනා වන ප්‍රභාත් මහේශ ද අල්විස් පළාත් සභාවට තරඟ නොකර කෙළින්ම පාර්ලිමේන්තු සටනට ඉදිරිපත් කරන්නටද සූදානම් වන බව එම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ජනක වක්කුඹුර, රංජිත් සොයිසා හා ප්‍රේමලාල් ජයසේකර සමඟද සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා සාදයකින් අවසන් වී ඇති බවටද Lankaenews වෙත වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියා වන කන්චන ජයරත්න මහතාත් මේ තනතුර දෙස ඇස ගසා සිටින බව ප්‍රසිද්ධ රහසකි. කලක සිට පවතින ජෝන් – පවිත්‍රා නෝක්කඩුව නිසා කියා කීවත්, ජෝන් සෙනෙවිරත්නගේ ඡන්ද පදනම මෑත කාලයේ දියාරු වී ගිය නිසා මහ ඇමති පුටුවට තරඟ කිරීමට තීරණය කල බවයි පවුලේ සමීප ආරංචි මාර්ග පවසයි.
මේ ආරංචිය කණ වැකුණු රත්නපුර වැසියෝ, මේ වනවිටත් ඔහු වෙත තම අප්‍රසාදය පළ කර ඇති අතර තම ඡන්දය අනිවාර්යයෙන්ම පොහොට්ටුවට හිමිවන බවත්, මනාපය කාංචන ජයරත්නට බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.