බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් සබරගමුව පළාතේ මෙන්ම, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මීට අමතරව, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
