කිරිබත්ගොඩ – සපුගස්කන්ද – ගල්වල මංසන්ධියේදී වෙඩි තබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඉන් මියගියේ 35 හැවිරිදි එච්.ඒ. ධනුෂ්ක සංජීව නමැති අයයි.
ඔහු කිරිබත්ගොඩ – මාකොල උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
