Gossips

සපත්තු පාලමකින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

කන්දකැටිය – පල්ලෙවෙල සපත්තු පාලමෙන් එගොඩවීමට යාමේදී ඇදවැටී, සැඩපහරට හසුවී කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඊයේ (14) සන්ධ්‍යාවේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ කාන්තාව සැඩපහරට හසුවූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇයව බේරාගෙන, කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී ඇය මියගොස් ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි නාරංගල – හාලිඇළ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.