Gossips

සඳ මත ඇවිද ගිය සිව්වන මිනිසා, මිහිමඩලින් සමුගනී

ඇපලෝ – 12 යානයෙන් චන්ද්‍ර ගවේෂණයේ යෙදුණු, සඳ මත ඇවිද ගිය සිව්වන මිනිසා වන ඇමරිකානු ගගනගාමී ඇලන් බීන් වයස අවුරුදු 86 ක්ව සිටියදී ටෙක්සාස් හිදී ඊයේ අභාවප්‍රාප්ත වුණා.
ඇමරිකානු නාවික හමුදා ගුවන් නියමුවෙකු වූ ඇලන් බීන් දෙවරක් අජටාකාශය තරණය කළ අතර, 1969 වසරේ ඇපලෝ 12 චාරිකාවේදී සඳ මත ඇවිදීමට එක්වුණා.
1973 වසරේදී ඔහු ප්‍රථම ඇමරිකානු අභ්‍යකාශ මධ්‍යස්ථානය වූ ස්කයිලැබ් හි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළා. පසුකාලීනව කලාවට යොමුවූ ඇලන් බීන් තමා අජටාකාශයේදී දුටුදෑ සිතුවමට නැගීමෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත්වුණා.