Gossips

සඳ තරණයෙන් ඉන්දියාව, ඊශ්‍රායලයට පරදින ලකුණු

සඳ මතුපිට චන්ද්‍ර යානයක් මෘදු ලෙස පතිත කිරීම අරමුණු කරගත් චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම ලබන වසර දක්වා කල්දැමීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, මෙහෙයුමේ තාක්ෂණික ගැටළු කිහිපයක් හේතුවෙන්. මේ නිසා සඳ මත චන්ද්‍ර යානයක් මෘදු ලෙස ගොඩබැස්සවූ සිව්වැනි රට වීමේ අවස්ථාව ඉන්දියාවට අහිමිවීමේ අවදානමක් මතුවනවා.
ඒ, ඊශ්‍රායලය ලබන වසරේ පෙබරවාරි 13 වනදා ඒ සඳහා මෙහෙයුමක් සැළසුම් කිරීම හේතුවෙන්.
ඊශ්‍රායලය ඒ සඳහා ඇමරිකානු ෆෝල්කන් – 9 රොකට්ටුවක් යොදාගැනීමට නියමිතයි.
1966 පෙබරවාරි 3 වනදා සෝවියට් සංගමය මුලින්ම සඳ මත මෘදු යානා පතිත කිරීමක් සිදුකළ අතර, ඇමරිකා එක්සත් ජනපදය 1966 ජූනි 2 වනදා එම ඉලක්කය ජයගත්තා.
2013 වසරේ දෙසැම්බර් 14 වනදා එම ජයග්‍රහණය අත් කරගැනීමට සමත්වූයේ චීනයයි.