ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළහොත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බැවින් ලබන සඳුදා නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කරගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
ඒ, කොළඹදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී තවත් කරුණු කිහිපයක්ද සාකච්ඡාවට ලක්වූ අතර, ඒ සඳහා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලකද මැදිහත් වුණා.