Gossips

සන්ධාන මහ ලේකම්ගෙන් කථානායකට ලිපියක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලූ අයිතිවාසිකම් සහ වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ලිපියක් යොමු කරමින් සන්ධාන මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි.
එසේම ඔහු දැනටමත් නව පදවියේ දිවුරුම් දීම සිදුකර ඇති බව කථානායකවරයා හොඳින් දන්නා කරුණක් බවද එම ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.