Gossips

සන්ධාන මහලේකම් කලකිරීමෙන්

ගාලුමුවදොර පැවැත්වෙන ජාතික දින උත්සවයට තමන් සහභාගි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ අද (03) පැවති ජනහමුවකට එක්වෙමින්.
එහිදි මන්ත්‍රිවරයා කියා සිටියේ සුද්දන් රට පාලනය කල පසු කළු සුද්දන් රට පාලනය කල ද ජනතාවට කිසිදු දෙයක් සිදුව නොමැති බවයි.
ඔවුන් බලයට පැමිණිමට බලය රැකගැනිමට පමණක් කටයුතු කරන බවයි.
මේ තත්ත්වයන් පිළිබද තමන් කණගාටුවන බවත් එම නිසා නිදහසක් නොමැති නිදහස් උත්සව වලට සහභාගි විම පලක් නොවන බවත් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා කියා සිටියා.
මේ අතර, කෝට්ටේ ප්‍රදේශයේ ඊයේ (02) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ද ජාතික දින සැමරුම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ රටට නිදහස අහිමි කර ඇති වත්මන් ආණ්ඩුව නිදහස් සැමරුම් ආරධනා පත්‍රයෙන්ද නිදහස යන වචනය අහිමි කර ඇති බවයි.
මේ තත්ත්වය වෙනස් කිරිමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බ වද ඔහු එහිදි ප්‍රකාශ කලා.