Gossips

සන්ධාන පක්ෂ නායකයින් සහ ජනපති අතර හමුවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
රාත්‍රී 7 ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසය, ඊ.පී.ඩී.පී., ලිබරල් පක්ෂය, මහජන කොංග්‍රසය සහ නව සිහල උරුමය ඇතුලූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂවල නායකයන් එක්වීමට නියමිත බවයි වාර්තාවන්නේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදියි.
පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මෙම සාකච්ඡාවට සහභාගිවීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පසුගියදා සිදුවූ හමුව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරෙන බවයි.