පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ සංවිධායක ධුරය සන්ධානයට හිමි විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ ලබන 18 වන දා රැස්වන පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට විපක්ෂයේ සංවිධායක ධුරය ද අහිමි වනු ඇති බවයි.
එහිදී ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාව සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අදහස් පළ කරමින් කියා සිටියේ ඊට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් අසීරු ක්‍රියාමාර්ගයක නිරතවීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවනු ඇති බවයි.
