Gossips

සන්ධානයේ තනතුරු වෙනසක් සිදු නොවන බව මහ ලේකම් කියයි

ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී නිදහස් පක්ෂයේ තනතුරු පමණක් වෙනස් වන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මහනුවරදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිදහස් පක්ෂයේ රැස්වීමකදී සන්ධානයේ තනතුරුවල වෙනස් සිදුකිරීමේ හැකියාවක් නොමැති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.