අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ, තමාට එල්ල වන මරණ තර්ජන සහ සමාජජාල මාධ්‍ය ඔස්සේ යොමු වන අපහාසාත්මක පුවත් සම්බන්ධයෙන්.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම වීමෙන් පසු තමාට මෙම තර්ජන සිදුවන බවට පවසමිනුයි ඇය එම පැමිණිල්ල ගොනු කර ඇත්තේ.
