ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරුට ඇප ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම හලාවත මහාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළා.
ඒ, මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් හමුවේ මෙම ඇප ඉල්ලූම්පත අද (03) සලකා බැලූණු අවස්ථාවේදියි.
පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 25 වනදා දක්වා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
2008 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.