Gossips

සනත් ජයසූරියට වසර ‍දෙකක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයෙකු වන සනත් ජයසුරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ, අයි.සී.සී දුෂණ මර්දන නීති සංග්‍රහය කඩ කිරිමේ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන්.
මෙරට ක්‍රිකට් කේෂ්ත්‍රයේ සිදු ව ඇති බවට පැවසෙන දුෂිත චෝදනා සිදුවීම් පිළිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දුෂණ මර්දන එකකය මාස ගණනාවක සිට පරීක්ෂණයක් සිදු කරනවා.
ඊට අදාලව ක්‍රිඩාවට සම්බන්ධ සහ සම්බන්ධව සිටි බොහෝ දෙනෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට මෙන්ම ජංගම දුරකථන සහ පරිගණක දත්ත පරීක්ෂා කිරීමටද එම එකකයේ නිලධාරින් කටයුතු කළා.
සනත් ජයසුරිය ක්‍රිකට් දුෂණ සිදුවීමකට සම්බන්ධ බවට ඔවුන් චෝදනා එල්ල කලේ පසුගිය ඔක්තෝමබර් මාසයේදියි.
ඊට ප්‍රතිචාර දැක්වීමට සනත් ජයසුරියට දින 14 ක කාලයක් ලබා දීමට ද අයි.සී.සී.දුෂණ මර්ධන ඒකකය පියවර ගත්තා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ එල්ල වී තිබු චෝදනා දෙකටම ජයසුරිය වරදකරු බවයි.
ඒ, අනුව ඔහු දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝනය කර ඇති බවටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා කළා.
ඒ අනුව සනත් ජයසූරියට වසර දෙකක් ගතවනතුරු ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කිසිදු කටයුත්තකට සම්බන්ධ වීමට නොහැකිවනවා.

rn