Gossips

සදීර සහ අසිත තුන්වන විස්සයි විස්ස තරගයට ?

ජොහැනස්බර්ග්හිදී අද පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සඳහා දකුණු අප්‍රිකානු සංචාරයේදී මෙතෙක් කිසිදු තරගයකට එක් නොවූ සදීර සමරවික්‍රමට සහ අසිත ප්‍රනාන්දුට අවස්ථාවක් හිමිවනු ඇතැයි අපේක්ෂා පළවනවා.
පළමු විස්සයි විස්ස තරග දෙකෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත්වූයේ විශේෂයෙන් පිතිකරුවන් දස්කම් දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන්.
පන්දු යැවීමෙන් අඛන්ඩව දස්කම් දැක්වීමට සමත්වුවද නායක ලසිත් මාලිංග තමාගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අවසානය ප්‍රකාශයට පත් කළේද පසුගිය තරගය නිමාවේදියි.
ඒ අනුව මාලිංග අපේක්ෂා කරන්නේ 2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු පිටියෙන් සමුගැනීමටයි.
අද තරගය පැවැත්වෙන වොන්ඩරස් තණතිල්ල දඟ පන්දු යවන්නන්ට වාසිදායක වන අතර, එහි වැඩිම කඩුලූ ලාභීන්ට බංග්ලාදේශයේ අබ්දුල් රසාක් සහ ශකිබ් අල් හසන් මෙන්ම නවසීලන්තයේ ඩැනියෙල් විටෝරිද ඇතුළත්.