අත්අඩංගුවට ගෙන සිටින සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මේ මස 12 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09) නියෝග කළා.
සැකකාර සතොස හිටපු සභාපතිවරයාගේ නීතිඥවරයා සිය සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ අතර, ඒ සම්බන්ධයෙන් නියෝගය එදිනට ලබාදෙන බවයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු පසුගිය 06 වනදා කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ විදේශ ගතවීමට උත්සාහ කළ අවස්ථාවේදීයි.
2014 වසරේ රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙනවා.
