Gossips

සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට ඇප

ක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ කෙටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (12) නියෝග කළා.
ඒ අනුව සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇපයක් මතයි මුදා හැරීමට නියෝග කෙරුණේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු පසුගිය 06 වනදා කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ විදේශ ගතවීමට උත්සාහ කළ අවස්ථාවේදීයි.
2014 වසරේ රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඞ් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහුට විරුද්ධව චෝදනා එල්ල වනවා. මෙම නඩුව මැයි මස 11 වනදා යලි කැදවීමට නියමිතයි.