සතොස හිටපු සභාපති නලින් රුවන්ජිව ප්‍රනාන්දු FCID ය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2014 වසරේදී රජයේ මුදල් මිලියන 39 ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිළදී ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
අද (06)දින ඔහු විදේශ ගතවීමට උත්සහ කිරීමේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
