ඉහල ගිය එළවළු මිල තවත් සති තුනක් පමණ පැවති හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පෙන්වා දෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි දුමින්ද ප්‍රියදර්ශන කියා සිටියේ ඉල්ලූමට සරිලන එළවළු සැපයුමක් නොමැති වීම මෙලෙස මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රිය වනවිට බෝංචි කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 300 ක් ලෙසයි.
කැරට් කිලෝවක් රුපියල් 290 කට ද මාලූ මිරිස් රුපියල් 300 කට ද අලෙවි වී තිබෙනවා.
ලීක්ස් කිලෝවක් රුපියල් 180 කට අලෙවි වී ඇති අතර බණ්ඩක්කා රුපියල් 150 කට සහ වම්බටු කිලෝවක් රුපියල් 170 කටයි අලෙවි වී ඇත්තේ.
මීට සමගාමීව, පිටකොටුව – මැණිං වෙළඳපොලේ එළවළු මිල ගණන් ද සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී කැරට් කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 250 ත් 260 ත් අතරයි.
මාලූ මිරිස් කිලෝව රුපියල් 350 ත් 375 ත් අතර මිලකට අලෙවි වී තිබෙනවා.
පසුගිය දිනවල රුපියල් 100ට අලෙවි වූ ගෝවා කිලෝවක් ඊයේ මැණිං වෙලදපොල තුළ අලෙවි වී ඇත්තේ රුපියල් 200 ක මිලකටයි.
කෙසේ වෙතත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි දුමින්ද ප්‍රියදර්ශන කියා සිටියේ ලබන මස 20 වනදා පමණ වනවිට යල කන්නයේ අස්වනු වෙළදපොලට ලැබීමට නියමිත බැවින්, ඊට සමගාමීව එළවළු මිල ගණන් සාමාන්‍ය තත්ත්වය පත්වනු ඇති බවයි.