සෙනසුරාදා දිනවලදී පැය 2යි විනාඩි 15 පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව උදෑසන 8.30 සහ 10.45 දක්වාත්, පෙරවරු 10.45 සිට පස්වරු 1.00 දක්වාත්, පස්වරු 1.00 සිට පස්වරු 3.15 දක්වාත්, පස්වරු 3.15 සිට පස්වරු 5.30 දක්වාත් විදුලි විසන්ධි කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ඉරිදා දිනයේ විදුලිය විසන්ධි නොකරන බවයි විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටින්නේ.
