Gossips

සතියක් තුළ ප්‍රබල පාතාල සාමාජිකයන් 12 දෙනෙකු පොලිස් දැලේ

ගතවූ සතියක කාලසීමාව තුළ දරුණු ගණයේ පාතාල සාමාජිකයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
ඔවුන් අතරින් ඇතමුන් පාතාල කණ්ඩායම් මෙහෙයවූ පුද්ගලයන් බවයි එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මීට මාස කිහිපයකට ඉහතදී පාතාල මර්දනය සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය, මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධවයි.
එහිදී පාතාල ක්‍රියාකාරකම්වල අඩුවීමක් නිරීක්ෂණය කළද පසුගිය පළාත්පාලන මැතිවරණ සමය තුළ එම ක්‍රියාකාරකම් යළි වර්ධනය වූ තත්ත්වයක් පෙන්නුම් කර ඇති බවයි විමර්ශන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.
ඒ අනුව මේ වනවිට යළිත් පාතාල මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.