සතිඅන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුව හේතුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුවට වෙනුවෙනුයි මෙම විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇත්තේ.
ඒ අනුව අද (02) උදෑසන 07.30ට කොළඹින් ගමන් ඇරඹු දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය වෙත දහවල් 1.30 වන විට වෙත ළඟා වී තිබෙනවා.
දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන්ට දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා විශේෂ බස්රථ සේවාවක් යොදවා තිබෙනවා.
යළිත් එම දුම්රිය නනුඔය සිට පස්වරු 5ට ගමන් ආරම්භ කරන අතර මධ්‍යම රාත්‍රී 12ට පමණ කොළඹට ළඟා වීමට නියමිතයි.
මේ අතර කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ, රාත්‍රී තැපැල් දුම්රියේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ද විශේෂ බස් රථ සේවාවක් යොදා තිබෙනවා.
