ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 04 වන දිනටත් අද යළි විභාගයට ගැනෙනවා.
ඒ අනුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම ඊයේ අවසන් කෙරුණු අතර, අද දිනයේදී පෙත්සම්කාර පාර්ශවයට පිළිතුරු ලබාදීමේ අවස්ථාව හිමි වනවා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනය දක්වා නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය හෙට දිනය දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාග කිරීම ඊයේ තුන්වන දිනටත් අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන්.
පෙත්සම් විභාගයට ගැණුනේ අගවිනිසුරු නලීන් පෙරේරා ප්රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයී.
ඊයේ පෙත්සම් විභාගය ආරම්භයේදී කරුණු දැක්වීම සිදුකළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අතරමැදි පෙත්සම් ගොනුකළ පාර්ශවයන්ගේ නීතිඥයින්.