Gossips

සත්ව ආහාරවලට යොදාගන්නා කිරිපිටි වෙළඳපොලට යැවීමේ ජාවාරමක්

සත්ව ආහාර සඳහා යොදාගන්නා කිරිපිටි තොගයක් කිරි ආශ්‍රිත වෙනත් නිෂ්පාදනවලට යෙදවූ පුද්ගලයෙකු කුලියාපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය අද සිදුකළ මෙහෙයුමකදියි.
සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්‍රසිද්ධ ආයතනයකින් සත්ව ආහාර ලෙස නිකුත් කර ඇති කිරිපිටි මිලදීගෙන මෙම ජාවාරම සිදුකර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
ඒ අනුව ඔහු ව්‍යාජ ඇසුරුම් සකස් කර යෝගට් අයිස්ක්‍රීම් වැනි කිරි ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහා මෙම සත්ව ආහාර සඳහා යොදාගන්නා කිරිපිටි බෙදාහැර තිබෙනවා.
අදාළ ගබඩාව පරීක්ෂා කිරීමේදී කිරිපිටි මෙටි‍්‍රක් ටොන් 160කට ආසන්න තොගයක් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන සිකුරාදා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.