Gossips

සත්විරු අභිමන් ජනපති ප්‍රධානත්වයෙන්

සත්විරු අභිමන් රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.
ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මකයි.
ඒ යටතේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට සම්පූර්ණ නිවාස 100 ක්, අර්ධ වශයෙන් ඉදිකරගත් නිවාස සම්පූර්ණ කරදීමේ ප්‍රතිලාභ 800 ක් සහ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර 279 ක් ප්‍රදානය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම, පදිංචිය සඳහා ඉඩම් නොමැති රණවිරුවන් වෙනුවෙන් ඉඩම් කොටස් 84 ක් ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුකර තිබෙනවා.