Gossips

සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියයි

ආණ්ඩුව ලබා ගැනීම සම්බන්ධයෙන් වූ සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර, වත්මන් රජයට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා අනුමත කර ඇති බැවින් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට තම කාර්ය මණ්ඩල සදහා ගෙවීම් සිදුකළ නොහැකි බව පවසමින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීරුන් පිරිසක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට යෝජනාවක් භාරදී තිබෙනවා.
එමගින් ඔවුන් දැනුම් දී ඇත්තේ රට තුළ මෙන්ම අභ්‍යන්තර සහ විදෙස් සංචාර සදහා ද මුදල් වෙන් කිරීම් සිදුකළ නොහැකි බවයි.
රාජිත සේනාරත්න , රවී කරුණානායක, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන් සහ ජයම්පති වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.