Gossips

සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රශ්න කළ යුතු බව නීතිඥ දොළවත්ත කියයි

තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්ට එරෙහිව තරුණයෙකු සිදුකළ පැමිණිල්ලට අදාළව අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් ද ප්‍රශ්න කළ යුතු බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත පවසනවා.
ඩී.වී. චානක මන්ත්‍රිවරයාගේ නිල රථයට යම්කිසි දෙයක් දැමීමට යෝජනා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සදහන් කළා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයෙකු යැයි සදහන් කරන පුද්ගලයෙක් සමඟ එක්ව තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා තමන්ට මෙම යෝජනාව සිදුකළ බව අදාළ තරුණයා පසුගිය 25 වැනිදා පොලිස් කොමිසමට පැමිණිල්ලක් භාරදුන්නා.
ඊට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අද කැඳවා තිබුණා.
පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදී අදාළ තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මාධ්‍ය වෙත අදහස් පළ කළා.