Gossips

සජිත්ට මල්වතු පාර්ශවයෙන් සම්මානයක්

මල්වතු මහා විහාරය මගින් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ‘‘ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරන්ජන’’ යන ගරු නාමය අද (31) ලබාදුන්නා.
මල්වතු මහා විහාරයීය මංගල උපෝසතාගාරයේදී එම ගරු නාමය ඇතුළත් සන්නස් පත්‍රය ලබාදෙනු ලැබුවේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින්.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්ව සිටියා.
එහිදී අනුශාසනාවක් සිදුකරමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක, පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් කියා සිටියේ දේශපාලන බලයට වඩා වැදගත් වන්නේ සංස්කෘතික බලය බවයි.

rn