සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයක් ඇතිවුණා.
කතානායක කරූ ජයසූරිය එහිදී කියා සිටියේ අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
මෙම පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයායි.
එහිදී සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, සහ අනුර කුමාර දිසානායක මෙන්ම ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ද ඊට මැදිහත්වුණා.
මේ අතර, දැනට වර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලූවට කඩිනම් විසඳුමක් ලබාදෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.
ඒ, නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. පසුව එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක කරූ ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකද එක්වුණා.