Gossips

සංහිඳියා කාර්යාංශයේ වේදිකා නාට්‍යවලත් ප්‍රශ්නයක් – බුද්ධශාසන ඇමතිගෙන් තහංචි

රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් රඟ දැක්වීමට නියමිත වේදිකා නාට්‍ය කිහිපයක් තහනම් කිරීමට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පියවර ගෙන තිබෙනවා.
සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ තමන් අමාත්‍යවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම නාට්‍ය තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රමගෙන්ද විමසීමක් කළා.
ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද දැනුවත් කර ඇති බවයි.
මේ අතර මෙම ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මගින් ප්‍රචාරය කිරීමට නියමිත ගුවන් විදුලි නාට්‍ය මාලාවකින් ද බුදු දහමේ හරයන්ට හානි සිදුවන බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද ඊයේ චෝදනා කළා.