Gossips

සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරන බවට හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

වර්තමානයේ සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමේ අවස්ථාවට නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ඊට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියා.
කෙසේ වෙතත්, මෙම රැස්වීමට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පැමිණ නොසිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.