Gossips

සංහිදියාව ගොඩනැගුවේ කෙසේ දැයි අගමැති කියයි

විවිධ දේශපාලන පක්ෂ එක්ව වර්තමාන ආණ්ඩුව බිහි කළ නිසා රට තුළ සංහිදියාව ඇති කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
‘‘දන්නව නම් උගන්නන්න, දන්නැති නම් ඉගෙන ගන්න,’’ යන තේමාව යටතේ ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩංගණයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.