Gossips

සංහිදියාව ගොඩනැගුණේ යුද්ධය අවසන් කිරීමෙන් – විපක්ෂ නායක

කවුරුන් කුමන ප්‍රකාශ සිදුකළ ද යුද්ධය අවසන් කිරීම තුලින් මෙරට සංහිදියාව ගොඩනැගුණු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – ගල්කඩවල, වෙහෙරගල ශ්‍රී ශෛලාරාමයේ අද (03) පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ තමන් ඇතුළු විපක්ෂයේ කණ්ඩායමේ ප්‍රතිපත්තිය බලයේ සිටිය ද නොසිටිය ද කිසිලෙසකින් වෙනස් නොවන බවයි.
දේශීය ආර්ථිකය ස්වයං පෝෂිත කිරීම වෙනුවට වත්මන් ආණ්ඩුව බොරු චෝදනා ජනගත කරමින් සිටින බව ද එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියා.