Gossips

සංස්ථාව තවත් රුපියල් 7 ක තෙල් මිල වැඩිවීමක් අපේක්ෂාවෙන්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු පියවා ගැනිම සදහා ඉන්ධන මිල තවත් රුපියල් 07 කින් ඉහළ දැමිය යුතු බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
ඩීසල් සහ පෙට්‍රල්වලට අමතරව, දැනට ලීටරයක් රුපියල් 70 බැගින් භූමිතෙල් අලෙවි කිරීම නිසා දැඩි පාඩුවක් සංස්ථාවට සිදුවන බවද සඳහන්.
එසේම මීට පෙර මිල ඉහළ දමා පැය කිහිපයකින් එම තීරණය අත්හිටුවීම සහ නැවත ඊයේ ඉන්ධන මිල වැඩි කිරීම නිසා සංස්ථාවට කෝටි 41 ක අලාභයක් සිදුව ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස්, ත්‍රිරෝද, පාසල් සහ කාර්යාල වෑන් රථ තම ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවිය යුතු බව පවසනවා.
එමෙන්ම ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනද කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යාම නිසා පළමු කිලෝමීටරයට රුපියල් 80 ක මිලක් නියම කිරීමට සිදුවන බවයි.
ඉන්ධන මිල වරින්වර ඉහළ දැමීම පිළිබඳව ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් කියා සිටියේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් සෑම අවස්ථාවකම වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ජනතාවට බවයි.