Gossips

සංස්කෘතියට සමාජයට හානි වන නිසා සමාජ මාධ්‍ය ජාලයක් තහනම් වන ලකුණු

සංස්කෘතික වටිනාකම් විනාශයට පත්වීම හේතුවෙන් ලොව පුරා අතිශය ජනප්‍රියව පවතින සමාජ මාධ්‍ය ජාලයක් තහනම් කිරීමට සැරසෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයෙන්.
මෙලෙස තහනම් කිරීමට සුදානම් වන සමාජ මාධ්‍ය ජාලය වන්නේ ටික් ටෝක් බවයි එම වාර්තා වන්නේ.
එහිදී වැඩිදුරටත් සඳහන් වන්නේ තමිල්නාඩුව ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය එම්. මානික්කනාදන් ප්‍රකාශ කරන්නේ දමිල සංස්කෘතියට සම්බන්ධ කරුණු වලදී මෙම සමාජ මාධ්‍ය ජාලය හරහා දැඩි හානියක් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් මිට පෙර බ්ලූවේල් ක්‍රීඩාවද තහනම් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබුණා.
ඒ එම ක්‍රීඩාව මඟින් සියදිවි හානි කරගැනීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන්.
චීනය ආශ්‍රිතව භාවිතා වන ටික් ටෝක් සමාජ මාධ්‍ය ජාලය තුළ මේ වන විට ලොව පුරා මිලියන 500ක සක්‍රිය ග්‍රාහකයන් පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ලෝකයම සැණින් තම අත්ලට ගෙනෙන තොරතුරු සපයා ගැනීමේ මාධ්‍යක් වුවද සමාජ මාධ්‍ය තුලින් සිදුවන සමාජ පරිහානිය පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මේ අතර නවතම සමීක්ෂණ වාර්තාවකට අනුව පෙන්වාදෙන්නේ විවීධ සමාජ මාධ්‍ය දැඩිලෙස භාවිත කිරීමට ඇබ්බැහි වීම හරහා සමාජයේ පුද්ගලයන් තනිකමට හුරුවන බවයි.
ඒ අනුව අදාළ සමීක්ෂණ වාර්තාවේ පෙන්වාදෙන්නේ දිනකට පැය දෙකකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම තුළින් පුද්ගලයෙකු සමාජයෙන් වෙන්වීමට ඇති හැකියාව දෙගුණයකින් වැඩිකරන බවයි.
ඇමරිකානු මානසික වෛද්‍යවරු පිරිසක් විසින් අදාළ සමීක්ෂණය සිදුකර තිබුනා.