Gossips

සංශෝධිත බස් ගාස්තුව අද සිට

සංශෝධිත බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි.
ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව සියයට 4ක බස් ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක කිරීමට බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය පසුගියදා එකඟතාවකට පැමිණියා.
මෙම නව සංශෝධනයට අනුව රුපියල් 12 අවම ගාස්තුව සහ රුපියල් 15 ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැහැ.
එමෙන්ම, අර්ධ සුඛෝපභෝගි හෝ අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදුනොවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.