Gossips

සංශෝධන වලින් රට ගොඩගත නොහැකි බව හිටපු ජනපති කියයි

කුමන සංශෝධනයක් සිදුකළත්, වර්තමාන රජයට රට ගොඩනැගීමේ හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු කම්කරු නායකයෙකු වූ ටී.බී ඉලංගරත්නයන්ගේ කොළඹ – නවම් මාවතේ පිහිටි පිළිරුවට පුෂ්පෝහාර දැක්වීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත එක්ව සිටියා.
කෙසේ නමුත්, මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාට ආරාධනා කර නොමැති බවයි.