Gossips

සංශෝධනය සංගීත පුටු තරඟයක් – අනුර කුමාර

අමාත්‍ය මණ්ඩල සංශෝධනය විද්‍යානුකූල පදනමක් මත නොව සංගීත පුටු තරඟයක ආකාරයෙන් සිදුවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ලෝක කම්කරු දිනයට සමගාමීව යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (01) පැවති රැළියකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන වෘත්තිය සමිතියක් වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ස්වාධීනව මැයි දින රැළියක් කොළඹදී ඊයේ (01) පවත්වනු ලැබුවා.
ඊට එක්වූ කම්කරු නායක ලෙස්ලි දේවේන්ද්‍ර කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ගමන්මග පිළිබඳව විශ්වාසයක් නොමැති බවයි.
දිළිඳුකමින් තොර ජාතික ආර්ථිකය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා බල කරන මැයි දිනය යන්න තේමා කරගනිමින් සමෘද්ධි හා කෘෂි නිලධාරීන් එක්ව කඩුවෙල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (01) තලංගමදී තවත් මැයිදින රැළියක් සංවිධාන කර තිබුණා.