Gossips

සංශෝධනය කළ නව රථ වාහන දඩය නව වසරෙන් පසු

සංශෝධනය කළ නව රථ වාහන දඩ මුදල් අය කර ගැනීමේ ක්‍රමවේදය අලූත් අවුරුද්දෙන් පසුව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ රථ වාහන වැරදි 33කට අදාළ දඩ මුදල් සංශෝධනය කිරීමෙන් පසු නව දඩ මුදල් අය කිරීමේ ක්‍රමවේදය සකස් කර ඇති බවයි.
මේ අනුව රථ වාහන වැරදි දෙකක් සඳහා රුපියල් 25,000ක දඩයක් අය කිරීමට මීට පෙර කර තිබූ යෝජනාව රුපියල් 6000 සහ 3000 දක්වා පහළ දමා තිබෙනවා.
මීට අමතරව අප්‍රේල් මස 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ත්‍රිරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කිරීම මැයි මස ආරම්භයේ සිට ක්‍රියාත්මක කරන බවයි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ වැඩිදුරටත් කියා සිටියේ.